කිලෝ 11 ක් බර ව්‍යාජ රන් තොගය (ඡායාරූප)

ව්‍යාජ ලෙස සැකසූ රන් කැබලි 42 ක් අළෙවි කිරීමට සුදානම් වූ පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ 11 ක් හා ග්‍රෑම් 100 ක් බරැති මෙම ව්‍යාජ රන් සොයා කල වැටලීමේදී ඒවා සකස් කිරීමට භාවිත කල ඩිජිටල් තරාදියක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගැනුණා.

කනගපුරම් හා කිලිනොච්චියේ පදිංචි සැකකරුවන්ට එරෙහිව කිලිනොච්චිය පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

WhatsApp Image 2023 02 18 at 12.58.50 1
WhatsApp Image 2023 02 18 at 12.58.50