කිරුලු හුටපට අස්සේ චන්දිමාල් ජයසිංහ හදිසියේම මුහුණුපොතේ සටහනක් තබයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ගැන මෙන්වම විවාහක රූ රැජින ගැන මේ දිනවල දැඩි ගතාබහට ලක්වෙද්දී පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කරනු ලැබිමත් සමග ඔහු ගැන බොහෝ අය කතාවන්නට පටන් ගත්තා. විවාහක රූ රැජින කිරුලේ හුටපටයත් සමග චන්දිමාල් ජයසිංහ මේ පිලිබද දැඩි කලකිරිමෙන් පසු වුවා. ඔහු මේ සම්බදව ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

වසර තුනක් පුරාවට ජාතික අධ්‍යක්ෂකවරයකුගේ වගකීම් සහ යුතුකම් මා උපන් රට වෙනුවෙන් ඉටු කරමින් , මගේ ධනය , ශ්‍රමය, කාලය කැප කළෙමි .වසර තුනක් පුරාවට පියවරෙන් පියවර ලෝකයේ පළමු තැනට මගේ මව්බිම ඔසවා තැබුවෙමි.ඔවුන් ඔවුන්ගේ මමත්වය සහ පෞද්ගලික පටු අරමුණු උදෙසා රට දෙවැනි තැනට තබා ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් සටන් වැද විවිධ ආකාරයෙන් ලංකාව ලෝකය හමුවේ අපහසුතාවයට ලක් කළේය. මා වසර තුනක් පුරාවටම විනිශ්චය මණ්ඩලයට ඇඟිලි නොගසා විනිශ්චය තීරණයට ගරු කරමින් ජයග්‍රාහිකාවන් කිරුළු ගැන්වූ වෙමි . ඒ මුදලට හෝ පුද්ගලික වාසි වලට නොවන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි. ඒ සියලු කාන්තාවන්ට ජාතික අධ්‍යක්ෂකවරයෙකු ට එහා ගිය සහෝදරත්වයෙන් , ආදරයෙන් ඔවුන් හා වැඩ කළ බව ඔවුන් දන්නා කාරණයකි. එය මාගේ දුර්වලකමක් යැයිද මා නොසිතමි. මා හට ඇත්තේ දැඩි කලකිරිමකි සිංහල භාෂාව කතා කරමින් ලෝක සංවිධානය සමග මා ඉතාමත්ම ආදරයෙන් මගේ රට වෙනුවෙන් මගේ වගකීම් ඉටුකළ බව ඔවුන් හොඳින්ම දනී. එමනිසා ඔවුන් සෑම විටම මා සමඟ සිට ගත්තේය. මේ මොහොතේ මා ලෝක රූ රැජින සංවිධානයට මගේ ආදරය ගෞරවය පුද කරමි .ලෝක තරගාවලිය 2023 වසරේ ලංකාවේ පැවැත්විම මාගේ එකම අරමුනයි ඒ සදහා මා සමග එක්වන ලෙස සියලුම සන්නාම ආයතන වෙත මා දැත් දිගුකර ආරාධනා කරමි මේ සෑම දෙයකදීම මට ශක්තියක් වූ රෝසි සේනානායකමැතිණිය ද රැක්මාල් සේනානායක ඇතුලු මා හට ශක්තියක් වු සියලුම අනුග්‍රහය දැක්වු ආයතන හා මොගේ මතුරන්ද ආදරයෙන් සිහිපත් කරමි. මේ දක්වා මා වෙනුවෙන් එක වචනයකින් හෝ පෙනී සිටි සියලුම දෙනා හටද, සමාජ මාධ්‍ය, ජාතික මාධ්‍ය ඇතුළු සියලු දෙනාට මාගේ ආදරය ගෞරවය පුද කර සිටිමි. මින් ඉදිරියටත් මාගේ රට වෙනුවෙන් කළ යුතු දේ කරමින් මගේ උතුම් රට ලෝකය හමුවේ ඔසවා තැබීමට කැපවෙමි.

මා නිවැරදි විය යුත්තේ මගේ හෘදසාක්ෂියට ,

මා අදහන බුදු දහමට සහ මගේ මවට පමණි.

මගේ රටට දළදා හිමි සරණයි !!

චන්දිමාල් ජයසිංහ

273477703 246915953321914

සසැදි පුවත්

පුෂ්පිකා බොරුකාරියක් : කැරොලින් කළේ හරි දේයි – තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පුෂ්පිකාගේ ගැළවුණු කිරුළ ගැන බුකිය අවුලමින් යුරේනි නොෂිකා තැබූ සටහන මෙන්න

තවත් නඩුවකට පුෂ්පිකා පැටලෙයි,මිලියන 200ක් ගෙවන්න වෙයි ?

තව තවත් ඇවිලෙන පුෂ්පිකාගෙයි රෝසි සේනානායකගෙයි ගැටුමේ අලුත්ම තත්ත්වය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45