කියුබාවට යන අතරමග ජනපති බෙංගාල මහ ඇමතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි (Mamata Banerjee) හමුවී තිබෙනවා.

ඩුබායිහිදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම හමුවේදී බටහිර බෙංගාල මහ ඇමතිනිය තම ප්‍රාන්තයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද ලබාදී ඇති බවයි.

ඩුබායි ගුවන් තොටුපළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී සිදුවූ මෙම හමුවේදී නොවැම්බර් මාසයේ පැවැත්වෙන රාජ්‍ය ව්‍යාපාරික සමුළුවට ආරාධනා කර තිබෙනවා.

මමතා බැනර්ජි ඩුබායි සහ ස්පාඤ්ඤයේ දින 12ක සංචාරයක නිරතව සිටින අතරවාරයේදී යි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී ඇත්තේ.

වික්‍රමසිංහ මහතා තමාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ද බැනර්ජි මහත්මිය සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51