කැලණිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ඝාතනයට සම්බන්ධ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල දිමේ වරදට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එසේම ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සහ සහ පිස්තෝලයක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනා වැල්ලම්පිටිය සහ මෝදර උයන කොළඹ 15 යන ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 37 හා 34 වයසේ පසුවන පුද්ගලයන් වන අතර කාන්තාවන් දෙදෙනා මෝදර උයන කොළඹ 15 යන ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 35 හා 46 වයසේ පසුවන්නන්.
හෙරොයින් තොගයට සහ ගිනි අවියට අමතරව ඊට යොදාගන්නා පතුරම් ගැබක්, 09 mm වර්ගයේ ජීව උණ්ඩ 04 ක්, ජංගම දුරකතන 03 ක් සහ ත්‍රීරෝද රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.













