කැන්රිච් ෆිනෑන්ස් ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 2කින් ඉහළ දැමීමට සූදානම්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඕ විසින් ශ‍්‍රී ලංකා මහ බැංකු විසින් නිර්දේශ කරන ලද රුපියල් බිලියන 2 මූලික ප‍්‍රාග්ධන අවශ්‍යතාවය පුද්ගලික නිකුතුවක් මඟින් ඒ සඳහා නියම කරන ලද 2020 දෙසැම්බර් 31 වැනි දිනට පෙර සපුරා ගැනීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව කලින් කලට මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු අවම මූලික ප‍්‍රාග්ධනය නියම කරන අතර ඒ අනුව 2021 ජනවාරි 1 වැනි දින වනවිට ලියාපදිංචි මූල්‍ය ආයතනයක් විසින් පවත්වා ගෙන යා යුතු අවම මූලික ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 2 ක් ලෙසින් නියම කෙරී තිබිණි.

පසුගිය සතියේදී ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමට සාමාන්‍ය කොටස් සහ නිදහස් කළ නොහැකි, සමුච්චිත නොවන වරණීය කොටස් නිකුතුවක්  සඳහා අවසර ලබා දී තිබිණි. ඒ අනුව පුද්ගලික නිකුතුවක් මඟින්  සාමාන්‍ය කොටස් වෙනුවෙන් රුපියල් බිලියන 1 ක් සහ වරණීය කොටස් වෙනුවෙන් රුපියල් බිලියන 1 ක් වශයෙන් වශයෙන් ප‍්‍රාග්ධනය රැස් කිරීමට සැළසුම් කෙරෙන අතර ඒ හරහා මූලික ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 3 ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

1971 වසරේදී සංස්ථාපිත මෙම සමාගම 2010 වසර සිට කැන්රිච් ෆිනෑන්ස් ලෙස ක‍්‍රියාත්මක වූ අතර ආරම්භයේ සිට වසර 6 ක් ඇතුළත සිය වත්කම් පදනම රුපියල් මිලියන 600 සිට රුපියල් බිලියන 12 දක්වා වර්ධනය කරගැනීමටත් එක් ශාඛාවක සිට දිවයින පුරා විසිරුණු ශාඛා 36 ක් සහ සේවකයින් 1000 කට අධික පිරිසක් දක්වා වර්ධනය වීමටත් සමාගමට හැකි විය.කැන්රිච් ෆිනෑන්ස් සමාගම 2014/2015/2016 වසරවලදී අඛණ්ඩවම දිවයිනේ ”වේගයෙන්ම වර්ධනය වන සහ නැඟී එන මූල්‍ය සමාගම” වශයෙන් සහ දිවයිනේ ”හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සම්පාදකයා” වශයෙන් ලන්ඩන් හි Global Banking & Finance Review වෙතින් සම්මාන ලැබීය.

කල්බදු, ක්ෂුද්‍ර කල්බදු, ක්ෂුද්‍ර මූල්‍ය, උකස් සහ පාරිභෝගික ණය වශයෙන් වන පුඵල් පරාසයක සේවාවන් පෙළක් කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් ඉදිරිපත් කරයි. වර්තමානයේදී සමාගම, උකස් ණය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරමින් පවතින අතර කොටස් නිකුතුවෙන් පසුව විවිධාංගීකරණය වූ සේවාවන් පු`ඵල් කිරීමට අපේක්ෂා කරයි.

50 වැනි සංවත්සරය සමරන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගම මේ වසර අවසානයට පෙර කොටස් නිකුතුව සම්පූර්ණ කිරීමට අදහස් කරන අතර ඒ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයද යහපත් අතට හැරී සමාගමේ දියුණුවට හිතකර තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24