spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් අතිවිශේෂ නිවේදනයක්

ප්‍රභල අකුණු පිළිබඳව අවවදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

අද (13) පස්වරු 3.30 නිකුත්කරන ලද එම නිවේදනය පස්වරු 11.30 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු  සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය. 

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?