spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණ අනාවැකි

පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වීමට ඉඩ ඇත. එබැවින් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වේ.

බස්නාහිරසහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (31) දහවල් 12:10ට කප්පච්චි (වවුනියා දිස්ත්‍රික්කය), තම්මන්නේකුලම (අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ උප්පුවේලි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?