කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම, ඌව සහ සබරහමුව පළාත් සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලි මීටර් 100 ට වැඩි තද වැසි අත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

ඊට අමතරව දිවයිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්