spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (01) පස්වරු 5.00 සිට හෙට (02) පස්වරු 5.00 තෙත් එම නිවේනදය වලංගු වන බවය.

ඒ, හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් හමන සුළං විටින්විට පැ.කි.මී 60 දක්වා ඉතා තද සුළං දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?