ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභූත චෝදනා එල්ල නොකර රෙටේ පවතින නීතිය අනුව පොලිසියට පැමිණිලි කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී තම ආයතනයට චෝදනා කරමින් සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

ජනතාව නොමග යවන සුලු මෙවැනි ප්‍රකාශවලින් රටට වැඩක් නොවන අතර ක්‍රිකට් ගොඩ ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව වැඩබලන ලේකම්වරයා ප්‍රකාශ කළා.

පටු දේශපාලන අරමුණු මත විවිධ චෝදනා සිදු නොකර වැරදි ඇත්නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙසට ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවයි ක්‍රිෂාන්ත කපුවත්ත සඳහන් කළේ.

ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට කිසිදු දේශපාලන සම්බන්ධතාවක් නොමැති අතර පටු දේශපාලන අදහස් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

තරගයක් දිනන විට සැඟවී සිටින සියලුදෙනා තරග පරාජයකදී තමන්ට චෝදනා කිරීමට ඉදිරිපත් වන බවයි ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම්වරයා කියාසිටියේ.

යළිත් ක්‍රිකට් ගොඩනැගීමට කටයුතු කරන බවට අද පැවති විධායක කමිටු රැස්වීමේදී ඒකමතික තීරණයක් ගත් බව ද ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇමතිවරයාට ද ඇරයුම් කරන බවයි ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම්වරයා ප්‍රකාශ කළේ.

සභාපතිවරයා ලබන සතියේ ඒ වෙනුවෙන් වන සාකච්ඡාවට සහභාගී වන බව ද ඔහු සඳහන් කළා.

මෙම තරග තහනම හේතුවෙන් 19න් පහළ ආසියානු කුසලානයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට යාමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටු වන අතර ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වන බවයි ක්‍රිෂාන්ත කපුවත්ත කියාසිටියේ.

අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා ඇති බවයි. ඒ, ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තාකර තිබූ වාර්තා ද ගෙනහැර දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පැනවීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයක් තුළ පිරිසක් එක්ව ජය පැන් සැමරුමක් සිදුකළ බවට තමන් වෙත තොරතුරු ලැබුණු බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළා. මේ වනවිට තම ජීවිතයට ද තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත අභියාචනා කිරීමට බලාපොරොත්තුවන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27