ක්‍රීඩාවයි ඉගෙනීමයි දෙකම කරන්න තරුෂි අමෙරිකාවට

ඉදිරි මාස දෙකක පමණ කාලයක දී ක්‍රීඩා පුහුණුවට සහ කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මීටර් 800 ධාවන ශූරී තරුෂි කරුණාරත්න පවසනවා.

විශ්වවිද්‍යාල කිහිපයකින්ම තමන්ට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණ ද ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තමන් තෝරා ගැනීමට කල් ගත් බවයි ඇය පවසන්නේ.

අමෙරිකා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් මෙය වඩාත් සුදුසු ස්ථානයක් බවටත් එබැවින් ඒ සඳහා මෙරටින් පිටත්ව යන බව ද තරුෂි සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ,

“මුලින්ම මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගන්න. ඒකට ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙන ගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මම එනවා. ” යනුවෙන් තරුෂි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

  1. ඔබේ තීරණය හරි.මේ දුර්දාන්ත රටේ ඔබ වැනි දියනියන්ට අනාගතයක් නෑ. ඇමරිකාවෙදි ඉහලටම ඉගෙන ගෙන ක්‍රීඩා කුශලතාවය දියුනු කරගන්න..
    ඔබට ජය !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43