ක්‍රිඩකයන් කෝටි ගණන්වලට අලෙවි වුණ අපේ වෙන්දේසිය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොළඹදී නිමාවිය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක් වු දෙස් විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 360ක්.

එයට දේශීය ක්‍රීඩකයින් 254 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 156 ක් දෙනෙකු ඇතුළත්

මෙහිදී වැඩිම මුදලක අලෙවි වූ ක්‍රීඩකයා ලෙස ඩිල්ශාන් මධුශංකගේ නම සටහන් වුයේ අමෙරිකානු ඩොලර් 92,000ක් සමගින් ඔහු මිලදි ගනු ලැබුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින්.

වෙන්දේසියේදී අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට පත් වුණේ ධනංජය ද සිල්වායි.අමෙරිකානු ඩොලර් 76,000ක මුදලකට දඹුල්ල කණ්ඩායම විසින් ඔහු මිලදී ගත්තා.

චරිත් අසලංක අමෙරිකානු ඩොලර් 80,000 මුදලකට සිය කණ්ඩායමට එක් කර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සමත් වුණා.

බිනුර ප්‍රනාන්දු ඩොලර් 76,000කට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගත්තා

දිනේෂ් චන්දිමාල් B LOVE කැන්ඩි කණ්ඩායම විසින් ඩොලර් 72,000කට මිලදී ගත්තා. දුෂ්මන්ත චමීර ඩොලර් 70,000 මුදලකට කැන්ඩි කණ්ඩායමට සහ සධීර සමරවික්‍රම ඩොලර් 68,000ට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගත්තා.

නවසීලන්තයේ චැඩ් බෝව්ස් ඩොලර් 58,000කට සහ ටිම් සයිෆත් ඩොලර් 30,000කට ගෝල් ටයිටන්ස් ට අලෙවි වුණා.

මෙවර වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ඩිල්ශාන් මධුශංක ඒ අමෙරිකානු ඩොලර් 92,000ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?