කළුතර ටියුෂන් ගුරුවරයා යළිත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

පසුගිය 15 වනදා සැකකරු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර තිබුණේ.

කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි 30 හැවිරිදි අයෙකුටයි මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම සැකකරු අධිකරණයට ගෙන ආ මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසටත් නීතිය දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිහඬ විරෝධතාවක ද නිරත වුණා.