spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලි හාල්පාන්දෙනිය මහත්මියයයි නියෝගය ලබාදුන්නේ.

30 හැවිරිදි සැකකාර ගුරුවරයා කළුතර උතුර, සුභසාධක මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරුගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කළ යුතු බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් සඳහන් කලේ සැකකරු ජංගම දුරකථනය අස්ථානගත වූ බව ප්‍රකාශ කරමින් විමර්ශනවලට සහාය දීම පැහැර හරින බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවයි.

සැකකරු මාසයකට අධික කාලයක් බන්ධනාගාර ගතකර සිටින බවත්, නඩු භාණ්ඩ සොයාගැනීම ඊට පෙර කළ යුතු බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නඩුව ලබන 23 දා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?