කහවත්තේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රි 9.00ට පමණ පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු සෙනෙහෙපුර පලන්සූරියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලබා ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
00:00
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12
Video thumbnail
නාමල්, කෞෂල්‍යා එක්ක ගේම ඉල්ලයි - ඇයි ඇයි ඔයාට ප්‍රශ්නයක් ද..?
06:32
Video thumbnail
බිමල්ගේ කතාවෙන් නාමල්ට රතු කට්ට පනී - අපිට උපදෙස් දෙන්න එන්න එපා
02:11
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න - පඩ ෂෝ දැම්මා දැන් රෙද්ද අස්සේ
05:19
Video thumbnail
අපේ ආණ්ඩුවේත් ජෝකර්ලා හිටියා - කෙළවෙනකම් දන්නේ නෑ
05:50
Video thumbnail
මිනීම#වන් වෙනුවෙන් බෝධි පූජා කරනවා - ඒ මූණේ තියෙන්නේ මරණ බය
05:00
Video thumbnail
හර්ෂට යකා නගියි - නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - IMF එක කියන හැම පදයටම නටන්න එපා
10:35
Video thumbnail
අනුර කුමාර හිරේ යන්න ඕනේ - ඕනේ නම් මාව ම##න කියන්න
01:01
Video thumbnail
සත්‍යග්‍රහයට කඩා පැන්න කොල්ලෙක් එක්ක බල්ලෙක් ගේම ඉල්ලයි
01:35