කලුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

කලුතර ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණි 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාරිය අද පස්වරුවේ කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

කලුතර ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඇය කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් යොදාගනිමින් මියගිය පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරු කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට කාමර ලබාදීමේ වරදට සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පාසල් සිසුවියගේ මරණයට අදාළව කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කලුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පොලිසියට අවසර ලබාදුන්නා.

සැකකරු පසුගිය 6 වනදා මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7හි එකට මත්පැන් පානය කරමින් සිටි බවට අණාවරණය වී ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම සිසුවියගේ මරණයට අදාළ නඩුව හෙට යළි කැඳවීමට නියමිතයි.

මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්ව පවතින බවටයි වාර්තා වන්නේ.

සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කලපුව දෙසට විසි කළ බව අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය හෝටලයේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවට සැකකරු ප්‍රකාශ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙකු පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව පොලිසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු පසුගිය (09) වනදා අලුයම හික්කඩුව ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට පත්වුයේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවයි.

සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔහුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය සඳහන් කළා.

මියගිය සිසුවියගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් 95000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් යුවළඅතර සිටින පෙම්වතා මාර්ගයෙන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවයි සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ.

මීට පෙර කිසිඳු දිනක මෙම තරුණිය හමුවූ නොවූ බවද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔවුන් 4දෙනා සෙනසුරාදා අදාළ ලැඟුම්හලේ දී මත්පැන් පානය කළ බවද සැකකරු පොලිසිය හමුවේ හෙළි කර ඇතැයි සඳහන්.

අදාළ සිසුවිය හඳුන්වා දුන් යුවළ ලැඟුම්හලෙන් පිටව යාමෙන් අනතුරුව තමා හා ඇය නිරුවත්ව කාමරය තුළ සිටිය නමුත් ලිංගිකව එක් නොවූ බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

ඔවුන් කාමරය තුළ රැඳී සිටි අවස්ථාවේදී ඇයට දුරකථනයෙන් ලැබුණු ඇමතුමක් හේතුවෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව සිසුවිය කාමරයේ ජනේලයෙන් අසළ වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන ඇති බවටයි සැකකරු පවසා ඇත්තේ.

ඇය ජනේලයෙන් පැනීමෙන් අනතුරුව තමන් බියවී එම ස්ථානයෙන් පලා ගිය බවත් සැකකරු සඳහන් කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ ඔහුගේ පාපොච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යභාවය ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

කෙසේ වෙතත් මියගිය සිසුවිය දුෂණයට ලක්වී නොමැති බවද වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය පවසනවා.

අදාළ යුවළ මැයි මස 15 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
7
+1
1
+1
3
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12