කලා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර ගැන පොලිසියට සැකයක්

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබද ව ගලා බසිනා කලා ඔයේ තිබී ඊයේ (29) දින හමු වූ මළ සිරුර පිළිබඳ ව මේ වනවිට (30) පොලිසියට සැකයක් මතුව තිබෙනවා.

ඒ මියගිය පුද්ගලයාගේ මළ සිරුර කලා ඔයේ පාවෙමින් තිබී හමුවීමෙන් පසුව සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුවයි.

වනාතවිල්ලුව පොලිසිය පැවසුවේ; පෙරේදා (28) පස්වරුවේ මරණයට පත් වූ තැනැත්තා ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කලා ඔයේ දිය නෑමට පැමිණ ඇති බවත්; ඔවුන් අධික ලෙස මත්පැන් පානය කර සිට; පසුව දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම තැනැත්තා මියගොස් ඇති බවට සැක කරන බවයි.

මෙම සිද්ධියෙන් පසුව මරණකරු හැර සෙසු පුද්ගලයින් පලා ගොස් ඇති අතර, පැය දෙකකට පසුව ඔවුන් යළිත් කලා ඔයට පැමිණ ඇත්තේ මරණකරු සොයා බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් පලා ගිය පුද්ගලයින් යළිත් පැමිණ සිය මිතුරා සෙව්වද, ඔහු ව දක්නට ලැබී නැහැ.

ඒ අනුවයි එදින රාත්‍රියේ දී වනාතවිල්ලුව පොලිසියට පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් පිළිබඳ ව පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඉන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර; මරණකරුගේ හිතවතුන් සහ පොලිසිය එක්ව කලා ඔය දෙපස සිදු කළ සෝදිසි කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කලා ඔයේ පාවෙමින් තිබූ අතුරුදන් වූ තැනැන්තාගේ මළසිරුර හමු ව තිබෙනවා.

කෙසේවෙතත් මරණකරුගේ උරහිසෙන් පහළ කොටසම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව ද
පොලිසියට නිරීක්ෂණය වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වන්දනාගම – ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකාරුවෙකු වන එච්.එම්. වසන්ත ප්‍රියදර්ශන නමැති 47 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර එළුවන්කුලම ප්‍රදේශයේ සංචාරක බංගලාවක් අලුත්වැඩියා කටයුතු කිරීමට පැමිණි සිටි අයෙකු බවත්, මොහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි ව සිටි අයෙක් බවටත් අනාවරණය වී තිබෙනවා.

මරණකරු සිය මිතුරන් පිරිසක් සමග කලා ඔයේ දිය නෑමට පැමිණ ඇති බවත්; එහිදී තවත් පිරිසක් දිය නාමින් සිටියදී දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සිදු වූ පහරදීමකින් පසු ව මෙම පුද්ගලයා කලාඔය දිගේ දිවවිත් එකවරම ඔයට පැන අතුරුදන් වූ බවත්; ඔහුගේ මිතුරන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් අධිකරණය හමුවට කරුණ වාර්තා කිරීමෙන් අනතුරුව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මෘත දේහය පරික්ෂා කර තිබෙනවා.

මේ වනවිට මෘත ශරීරය; පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16