කබ්රාල්ට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනුයි මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමරිකානු ඇමරිකානු ඔත්තු කරුවකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48