spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කබ්රාල්ට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනුයි මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමරිකානු ඇමරිකානු ඔත්තු කරුවකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?