කන්න නැති රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 06 වන තැනට

ලෝක ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර, නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ලෝක බැංකු විසින් නිකුත් කළ එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය දැක්වෙන්නේ 64%ක් ලෙසයි.

ගියවර එම දර්ශකයේ 74% ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට 07 ස්ථානය හිමිව තිබුණා.

නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 64% දක්වා පහළ වැටී තිබෙනවා.

ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස සිම්බාබ්වේ රාජ්‍ය හඳුනාගෙන ඇති අතර එහි ආහාර උද්ධමනය 376% ක් ලෙස සටහන්ව තිබෙනවා.

එම දර්ශකයේ දෙවැනි ස්ථානය ලෙබනන් රාජ්‍යයටත්, තුන්වන ස්ථානය වෙනිසියුලාවටත් හිමිව තිබෙන අතර සිවන ස්ථානය සහ පස්වන ස්ථානයේ පිළිවෙලින් ආර්ජන්ටිනාව සහ තුර්කිය පසුවනවා.

02 2
  1. DANWATH LOKENMA AHARA HINGA KANA EKA NAWATHTHAPAN. WORLD FOOD PROGRAM, FOOD AND AGRICULTURE ORG EKE DHARA HINGA KANNA EPA. KALIN GENAPU RATAWALIN MA POHORA KRUMINASHAKA GENWA PALLA. WENA RATAWALIN GENAWAMA EWA ENNE AYE KISI DAKA GODA DANNA BARI LEDA EKKA. EWA IBE WENA EWA NOWEYI, ME ADHARATH EWATAMA SAMBANDHAYI. MEWA PLAN KARALA KARAWANNE API WAGEYI KALAYAK THISSE NAGITINNA WERA DARANA ABHIMANAYA GAWURAWAYA GENA HITHANA KELIN KATHA WEDA KARANA KAGENWATH NIKAN KANNA KEMATHI NATHI DIYUNUWENNA KEMATHI MINISSU (PALAKAYIN NOWEYI) INNA RATAK SAMPRADAYIKA KRAMAM MAGIN WATTANA BARI NISAYI. MEKA AFIRCAN RATAWAL GODAKATA UNA. EHE EKA KALEKATA PALANGATIYO WAHI WALAKULU WAGEYI ENAWA, WAGA KARANNA BAHE, ANTHIMEDHI EHE MINISSU KEWA PALANGATIYO PANA PITIN EYI WENA KANNA DEYAK ANTHI NISA. MEHETH EHEMA WENNA BOHOMA ASANNAYI MEMUSALA DESHAPALUWO MUSALA NILADHARI NISA.