කන්දකාඩුවෙන් පලාගිය 35ක් රිමාන්ඩ් (වීඩියෝ)

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක් අතර පලා යාමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරුණේ ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ යළි ගැටුමක් හටගෙන තිබුණා.

එහිදී පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති අතර 18 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර පොලිසිය වෙත භාර වී තිබෙනවා. තවත් රැඳවූවන් පිරිසක් අද පෙරවරුවේ පොලිසියට භාර වුණා.

පසුගිය 12 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිවා ආහරය සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කරගනිමින් රැඳවූවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී 26 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තවත් 90 දෙනෙක් පලා ගොස් සිටිය දී පසුව ආරක්ෂක අංශ භාරයට ගත්තා. කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12