spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කන්දකාඩුවෙන් පලාගිය 35ක් රිමාන්ඩ් (වීඩියෝ)

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක් අතර පලා යාමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරුණේ ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ යළි ගැටුමක් හටගෙන තිබුණා.

එහිදී පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති අතර 18 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර පොලිසිය වෙත භාර වී තිබෙනවා. තවත් රැඳවූවන් පිරිසක් අද පෙරවරුවේ පොලිසියට භාර වුණා.

පසුගිය 12 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිවා ආහරය සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කරගනිමින් රැඳවූවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී 26 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තවත් 90 දෙනෙක් පලා ගොස් සිටිය දී පසුව ආරක්ෂක අංශ භාරයට ගත්තා. කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?