කතුන් රවටා ලිංගික අතවර සිදුකර රන් ආභරණ කොල්ල කෑ හොරාපොලිස් අල්ලයි

සම්භාහන මධ්‍යස්ථාන, මුහුණු පොතෙන් සහ අන්තර්ජාලයෙන් හඳුනාගත් කාන්තාවන් රවටා ඔවුන්ට ලිංගික අතවර සිදුකර රන් අභරණ කොල්ල කෑ හිටපු හමුදා සෙබළෙක් වාද්දූව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හමුදා සෙබළා පොලිස් මූලස්ථානයේ ව්‍යාජ හැදුනුම්පතක් පෙන්වා බිය ගන්වමින් මෙම අපරාධ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු විසින් සම්භාහන මධ්‍යස්ථාන, මුහුණු පොතෙන් සහ අන්තර්ජාලයෙන් හඳුනාගත් කාන්තාවන් වාද්දූව, මොරොන්තුඩුව සහ ඒ අවට ප්‍රදේශවල ලැඟුම්හල් වෙත කැඳවාගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකරු විසින් තමා පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් පරීක්ෂකවරයෙකු බවට ව්‍යාජ හැදුනුම්පතක් පෙන්වා එම කාන්තාවන්ගේ රන් ආභරණ ද කොල්ල කා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් මෙලෙස කොල්ලකන ලද රන් අභරණ අඩුමිලට අලෙවි කර තිබිය දී සොයාගෙන ඇති අතර, ඊට අමතරව රුපියල් එක්ලක්ෂ හතලිස් තුන්දහස මුදලක්, ජංගම දුරකථනය, ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10