spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ඇප (වීඩියෝ)

කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. සෑම ඉරු දිනකම කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට අධිකරණය නියෝග කර තිබෙනවා.

කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඔහු පොලිසියට භාරවී තිබුණා.

අද (27) උදෑසන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරුවයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

සොමිපාල රත්නායක අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් කතරගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?