කඩුවෙල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

කඩුවෙල අටේ කණුව වැව පාර ප්‍රදේශයේ දී හමු වූ පුද්ගල මල සිරුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම සැකකරුවන් 4 දෙනා අධිකරණ නියෝග මත පැය 48ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව පොලිසිය විසින් යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මෙගොඩ කොලොන්නාව පදිංචිකරුවකු, ඔහුගේ බිරිඳ, ත්‍රී රෝද රථ රියදුරෙක් ඇතුළු 4 දෙනෙක්.

ඝාතනයට ලක්ව තිබුණේ ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පසිඳු චාමර මධුසංඛ නොහොත් කොට චාමර නැමැත්තෙක්.

සැකකරුවන් තිදෙනා සේවය කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දුන් බවට වූ කරුණක් මත ප්‍රධාන සැකකරු විසින් ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙගොඩ කොලොන්නාවේ පිහිටි තම නිවස වෙත කැඳවා ගෙන ගොස් එහි දින දෙකක් රඳවාගෙන අනෙක් සැකකරුවන් දෙදෙනා සමග එක්ව පහර දී ඝාතනය කර ත්‍රී රෝද රථයකින් කඩුවෙල වැව පාර ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට යොදා ගත් බවට සැක කරන හොකී පිත්තක්, කොටස් කිහිපයකට කැඩුණු තිර රෙදි දවටන පොල්ලක් සහ වයරයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම ඝාතනයට ලක් වූ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් කිහිපයක් කුණු ඇලකට විසි කර ඇති බව ද පරීක්ෂණ කටයුතු සිදු කළ නිලධාරීන් මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවූ බවයි.

මෙම ඝාතන සිද්ධියට අදාළ සිදුවීමේ විමර්ශන පිළිබඳ ප්‍රගතිය ලබන 11 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21