කඩා වැටුණු ගේට්ටුවකට යට වු තුන් හැවිරිදි දරුවෙකු මරුට

මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ(14) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්,මුල්ලියාවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වු ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලිසිය පැවසූහ.ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළහ.

දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?