spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කංජිපානි ඉම්රාන්ට ඇප

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කංජිපානි ඉම්රාන්ට ඇප හිමිවී තිබෙනවා.

අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් මත ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන කන්ජිපානි ඉම්රාන් මෙලෙස මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

සැකකරු ශරීර ඇප මත මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 13 වනදා නියෝග කර තිබුණා.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජන කළ බවට වන චෝදනාවකට අදාළව මෙම සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධිවලට අදාළව කොළඹ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිවූ බවයි වාර්තා වන්නේ.

මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයා සාදයකට ඩුබායි රාජ්‍යයේදී සහභාගිවී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

https://www.youtube.com/watch?v=Bfo5ZnrNbK0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?