කංජිපානි ඉම්රාන්ට ඇප

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කංජිපානි ඉම්රාන්ට ඇප හිමිවී තිබෙනවා.

අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් මත ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන කන්ජිපානි ඉම්රාන් මෙලෙස මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

සැකකරු ශරීර ඇප මත මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 13 වනදා නියෝග කර තිබුණා.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජන කළ බවට වන චෝදනාවකට අදාළව මෙම සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධිවලට අදාළව කොළඹ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිවූ බවයි වාර්තා වන්නේ.

මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයා සාදයකට ඩුබායි රාජ්‍යයේදී සහභාගිවී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

https://www.youtube.com/watch?v=Bfo5ZnrNbK0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15