ඔස්ට්‍රේලියාවෙන් නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක් – එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය මැක්ස්වෙල්ගෙන්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් ලබාගත්තා.

දිල්ලිහිදී පැවැත්වෙන මෙම තරගයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ වාර්තා අලුත් කිරීමට ග්ලේන් මැක්ස්වෙල්ට හැකියාව ලැබුණා.

ඒ ලෝක කුසලාන තරගයකදී ලබාගත් වේගවත්ම ශතකය තමා නමින් ලියා ගනිමින්. මැක්ස්වෙල් පන්දු 40කින් එම ශතකය ලබාගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ද සමගින්. Logan van Beek ගේ පන්දුවක් හමුවේ Sybrand Engelbrecht අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ඔහු ලකුණු 106ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 104යි. හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එම ලකුණු 104ට ඇතුලත් වුණා. ස්ටීවන් ස්මිත් 71යි. Marnus Labuschagne ලකුණු 62ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 4ක් සහ Bas de Leede කඩුලු 2ක් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14