spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවෙන් නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක් – එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය මැක්ස්වෙල්ගෙන්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් ලබාගත්තා.

දිල්ලිහිදී පැවැත්වෙන මෙම තරගයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ වාර්තා අලුත් කිරීමට ග්ලේන් මැක්ස්වෙල්ට හැකියාව ලැබුණා.

ඒ ලෝක කුසලාන තරගයකදී ලබාගත් වේගවත්ම ශතකය තමා නමින් ලියා ගනිමින්. මැක්ස්වෙල් පන්දු 40කින් එම ශතකය ලබාගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ද සමගින්. Logan van Beek ගේ පන්දුවක් හමුවේ Sybrand Engelbrecht අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ඔහු ලකුණු 106ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 104යි. හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එම ලකුණු 104ට ඇතුලත් වුණා. ස්ටීවන් ස්මිත් 71යි. Marnus Labuschagne ලකුණු 62ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 4ක් සහ Bas de Leede කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
3
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?