spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ ධර්මසාලා හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළා. Travis Head ලකුණු 109ක් සහ David Warner ලකුණු 81ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී Trent Boult සහ Glenn Phillips කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් ලබා ගත හැකි වුයේ ලකුණු 383ක් පමණයි. Rachin Ravindra ලකුණු 116යි. Daryl Mitchell ලකුණු 54ක්, James Neesham ලකුණු 58ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී Adam Zampa කඩුලු 3ක්, Josh Hazlewood සහ Pat Cummins කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?