ඔස්ට්‍රේලියානුවන් 1000ක් සමග දෙවන ලෝක යුද සමයේ ගිලී ගිය නැවක සුන්බුන් හමුවෙයි

දෙවන ලෝක යුද්ධයේ ජපන් ප්‍රවාහන නෞකාවක් වූ SS Montevideo Maru හි සුන්බුන් පිලිපීනයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

ගැඹුරු මුහුදේ සිදු කළ ගවේෂනයට එක් වූ නිලධාරීන් පැවසුවේ, 1942 වසරේ දී පිලිපීනයට ඔබ්බෙන් ඕස්ට්‍රේලියානු යුද සිරකරුවන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම නෞකාව සබ්මැරීන ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිලී ගිය බවයි.

1942 වසරේ ජූලි 1 වනදා, පැපුවා නිව්ගිනියාවේ සිට චීනයේ හයිනාන් දක්වා ගමන් කරන අතරතුර, එක්සත් ජනපදයේ සබ්මැරීනයකින් නෞකාව ගිල්වනු ලැබුවා.

කෙසේවෙතත් එම නැව යුද සිරකරුවන් රැගෙන ගිය බව ඇමරිකා සබ්මැරීනයේ එහි කාර්ය මණ්ඩලය දැනුවත්ව නොසිටි බවයි වාර්තා වී ඇත්තේ. නැව ගිලා බසිනු ලැබූ ස්ථානය වසර 80 කට වැඩි කාලයක් පුරා අභිරහසක්ව පැවතුණු බව සඳහන්.

මෙම යාත්‍රාව කිලෝමීටර් 4ක් (සැතපුම් 2.5ක්) පමණ ගැඹුරක තිබී හමුවූ බවයි පර්යේෂණ මෙහෙයුම සංවිධානය කළ සමුද්‍රීය පුරාවිද්‍යා කණ්ඩායමක් වන සයිලන්ට්වර්ල්ඩ් පදනම ප්‍රකාශ කළේ.

නෞකාව ගිල්වීම ඕස්ට්‍රේලියාවේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය වූ අතර, අවම වශයෙන් සොල්දාදුවන් 850ක් ඇතුළුව ඕස්ට්‍රේලියානු පුරවැසියන් 979ක් ඉන් මරණයට පත් වුණා.

තවත් රටවල් 13ක සිවිල් වැසියන් ද නෞකාවේ සිටි අතර, මියගිය මුළු සිරකරුවන් සංඛ්‍යාව 1,060ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

ගවේෂකයන් අප්‍රේල් 6 වන දින පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසොන්ට වයඹ දෙසින් දකුණු චීන මුහුදේ සුන්බුන් සෙවීම ආරම්භ කළ අතර සෝනාර් සහිත ස්වයංක්‍රීය දිය යට කිමිදුම් උපකරණයක් ඇතුළු අධි තාක්‍ෂණික උපකරණ භාවිතා කරමින් දින 12කට පසුව නෞකාවේ සුන්බුන් සොයා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50