ඔරුවක් පෙරළී සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු මිය යාමේ සිද්ධිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (ඡායාරූප)

කොක්කඩිචෝලේ, තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඔඩෙයි වැවේ අද (12) දහවල් ඔරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැවේ ඔරු පදිමින් සිටි සිසුන් තිදෙනෙකු ඔරුව සමඟ දියේ ගීලි ඇති අතර, ඔවුන් බේරා ගැනීමට ගිය උපකාරක පංති ගුරුවරයෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය සිසුන් 16 හැවිරිදි වියේ පසුවන අතර, ගුරුවරයා 27 හැවිරිදි වියේ පසුවන වෙල්ලාවේලි, කළුදන්වේලි ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

උපකාරක පංති ගුරුවරුන් තිදෙනෙකු, එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකු සහ සිසුවියන් හත්දෙනෙකු අද (12) දහවල් මීනච්චිඔඩෙයි වැවට පැමිණ තිබෙනවා.

ඒ, උපකාරක පංතියට සහභාගී වීමෙන් අනතුරුව විනෝද චාරිකාවක් සඳහායි.

ඔවුන් එම ස්ථානයේ ආහාර පිස ආහාර අනුභව කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එහිදී සිසුන් තිදෙනෙක් අබලන් වූ ඔරුවක නැඟී වැවේ ඔරු පදිමින් සිටිය දී ඔරුව දියේ ගිලී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දියේ ගිලුණු සිසුන් තිදෙනා බේරාගැනීමට ගිය ගුරුවරයා ද දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය සිව්දෙනාගේ දේහයන් ගොඩගෙන මේ වනවිට මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

මියගිය සිසුන් තිදෙනා දයාබරන් කිර්තු, සත්‍යාශීලන් දිනේශන් සහ වීරසිංහම් නිදුෂන් යන අයවලුන් වන අතර, ගුරුවරයා යෝගේස්වරන් කිවේදන් නැමැති අයෙක් බවයි වර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොක්කඩිචෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13