ඔන්ලයින් පනත් කෙටුම්පත ගැන කතානායකවරයාට ලිපියක්

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ ප්‍රමුඛ පුද්ගලයින් රැසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඔන්ලයින් පනත් කෙටුම්පත ගැන විවෘත ලිපියක් යවා තිබෙනවා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග අනුව සංශෝධන සහ මාර්ගෝපදේශ ඔන්ලයින් පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කර ගන්නා තුරු එම කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙසට ඉල්ලමින් බවයි වාර්තා වන්නේ.