spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළැඹෙන පොහොය දිනයේ පන්සල් අඳුරු වන ලකුණු

ඊයේ (18) පස්වරුවේ මධ්‍යම පළාත් මහ සංඝ සභා රැස්වීම පැවැති අතර එහිදි භික්ෂුන් වහන්සේ පිරිසක් විසින් ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළැඹෙන වප් පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක්වීමට යෝජනාකර තිබේ.

එම රැස්වීම අවසන් වීමෙන් අනතුරුව පුජ්‍ය ගලහ සිරිසාන්ත හිමි එම යෝජනාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනු ලැබූවා.

“පන්සල්වල තිබුණ විදුලි බිල පස් හය ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. මගේ පන්සලේ විදුලි බිල මේ වෙද්දි රු 60,000ක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉදිරියේ තියෙන්නේ කඨින චීවර පිංකම් කාලය. වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් සැකයක් තියෙනවා. පවතින තත්ත්වය උඩ ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දාන්න වෙන්නේ නෑ. අද යෝජනාවක් කරනවා අපි ඉදිරියේ දී එන පොහොය දිනයේ දී අපි සියලුම පන්සල්වල විදුලිය නිවලා පන්සල් අඳුරේ තබලා දායකයන් සමග මෙයට විරෝධය පළ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මේ පිළිබඳ ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?