එප්පාවල දරුවා පැහැරගත් සිද්ධියට දෙදෙනෙක් රිමාන්ඩ්

එප්පාවල දරුවා පැහැර ගත් සැකකරු හා ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස් හිමියා ලබන ජනවාරි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

එප්පාවල කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට සැඟවී සිටීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.

පොලිස් භාරයට පත් වූ පැහැර ගැනීමට ලක් වූ දරුවා අද පස්වරුවේ අනුරාධපුර ශික්ණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට එප්පාවල පොලිසිය කටයුතු කළ අතර, එහිදී දරුවා තරමක අසනීප තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු එහි එහි නේවාසිකව ප්‍රථිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් සමත්වුණා.

මෙම පිරිමි දරුවා කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන අයෙක්.

ඔහු එම ප්‍රදේශයේ විදුලි කාර්මික ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකු සමඟ සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබුණේ.

පොලිසිය සිදු කළ පරීක්ෂණවලට අනුව විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද හෙළිවී තිබුණා.

අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම රාත්‍රියේ (19) නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැඳී සිට පසුදින (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර, ඊයේ (23) පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගෙන දරුවා හා දරුවා පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් ඉන්නා බවයි.

තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවත් සැකකාර විදුලි කාර්මික ශිල්පියා දරුවාගේ මවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැදී සිටින බව පැවසූව ද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැදී සිටි නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රීරෝද රථය ද එම නිවසේ තිබී පොලිස් භාරයට ගනු ලැබුවා.

දරුවා රඳවා ගෙන සිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා, මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි අතර, එම හිතවත්කම මත මීට පෙරද නිවසට පැමිණි බව සඳහන්.

පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැදී සිට, පසු දින (21) තමන්ගේ නිවසට පැමිණ එම දරුවා තමන්ගේ දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බව ද අනෙක් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දිනවල සිදු කළ බවත් ඔහු පොලිසිය හමුවේ හෙළිකර තිබෙනවා.

ඒ අනුව එම නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක් වූ දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා නිවසේ නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියදුරුද ‍පොලිස් අත්අඩංගුවට ගෙන එප්පාවල පොලිස් ස්ථානය වෙත අද (24) උදෑසන රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර එප්පාවල ප්‍රදේශයෙන් පැහැරගෙන ගොස් සිටියදී රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දරුවා යළි හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදු කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී පොලිසිය කරුණු රැසක් හෙළිකරගෙන ඇති බවයි.

එහිදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ 19 වනදා සවස දරුවාත් රැගෙන ඔහුගේ සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ නිවසකට ද ගිය බවයි. පසුව සැකකරුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නිවසකට ගොස් පසුගිය දින කිහිපය එහි රැඳී සිට ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පැහැරගත් බවට පැවසෙන මෙම දරුවා නිවසට යාමට ද අකමැත්තක් දක්වන බවට පෙනී ගොස් ඇති බවයි. මව සහ පියා විසින් දරුවා මහණ කිරීම සඳහා උත්සාහ කිරීමට අකමැති වීම හේතුවෙන් දරුවා නිවසට යාමට අකමැති බවක් පෙන්නුම් කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එම කරුණ සත්‍යයක් ද යන්න පිළිබඳ තවදුරටත් සොයා බලන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පසුගිය 19 වනදා සැකකරු විසින් මෙම දරුවා පාසලට සහ උපකාරක පන්තිවලට රැගෙන ගොස් නිවසට ගෙනවිත් ඇරලවීමෙන් පසු යළිත් තනිවම මෙම සැකකරු පදිංචි ස්ථානයට පැමිණ ඇති බවට හෙළිවී තිබෙනවා.

දරුවා නිවසට යාමට අකමැත්තක් දැක්වීම හේතුවෙන් ඔහු දරුවා ද රැගෙන විවිධ ස්ථානවලට ගොස් ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ. දරුවා අපයෝජනයකට හෝ ලිංගික හිංසනයකට ලක්වී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කරුණක් හෙළිවී නැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර විමර්ශණ නිලධාරීන් විසින් දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මෙම සැකකරු විසින් මෙම දරුවාට දැඩි ආදරයක් දක්වන බවයි. එම පුද්ගලයා දරුවා රැගෙන ගිය නිවෙස්වල පුද්ගලයන් ද තේරුම් ගෙන ඇත්තේ මෙම දරුවා එම පුද්ගලයාගේ ම දරුවෙකු ලෙසට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සැකකරු සිටි නිවෙස්වල සාමාජිකයන්ට ද ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිවන කිසිවක් අනාවරණ වී නොමැති බව ද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් දරුවාට හිරිහැරයක් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

නිත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැරව දරුවා රැගෙන යාම සම්බන්ධයෙන් වරදකරු බවට පත්වුවහොත් සැකකරුට වසර 7ක පමණ සිර දඬුවමක් නියමවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18