එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා.

එය සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැදවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මෙම මෝසම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දි පිළිබඳව නිගමනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත් කෙරුණු බවයි.

අදාළ නෞකා අනතුර නිසා පරිසරයට ඇමරිකානු ඩොලර් බිලියන හයක පමණ පාඩුවක් සිදුවී ඇති බව එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට එම මෝසමින් ඉල්ලා තිබෙන බවයි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා සිටියේ.

එමෙන්ම අදාළ නෞකාවේ වන්දි සිද්ධියට අදාළව මේ වන විට අල්ලස් චෝදනා රැසක් ද එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව විභාග කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ මෝසම තුළින් ඉල්ලීම් කර ඇතැයි ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06