spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න ගැන පෙත්සමකට ඉදිරිපත් වූ මෝසමක් අගවිනිසුරු වෙත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික හානිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් අගතියට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මෝසම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද ද නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ ඉල්ලීම ඇතුළත් කරමින් ගොනුකළ මෝසම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි අද කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම ඉදිරිපත් කර තිබූ පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ අනුව අදාළ මෝසම වැඩිදුර කටයුතු කිරීම සඳහා අග විනිසුරුවරයා වෙත යොමු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

අනතුරුව අදාළ පෙත්සම් ලබන 15 වනදා කැඳවීමට ද නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?