spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ විභාගය අවලංගු වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා, අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු හත් දෙනකුට එරෙහිව ගොනු කළ තිබූ නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණය එම නඩුව යළි මේ මස 23 වනදා යළි කැඳවන ලෙසට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව මේ මස 12 වනදා විභාගයට ගැනීමටයි අධිකරණය මීට පෙර නියම කර තිබුණේ.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුන් දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් තමා ඉකුත්දා තීන්දුවක් ලබා දුන් බවයි.

තම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවත් එම ඇපෑල විභාග කර අවසන් වනතුරු මෙම නඩු විභාගය ආරම්භ නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාදීකරණට දැනුම් දී ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා නියම කර තිබූ දින අවලංගු කරන අතර නඩුව ලබන 23 වනදා යළි කැඳවන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා වූ ටියුට් කාලෝ විටැලි, එම නෞකාවේ දේශීය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?