එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ විභාගය අවලංගු වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා, අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු හත් දෙනකුට එරෙහිව ගොනු කළ තිබූ නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණය එම නඩුව යළි මේ මස 23 වනදා යළි කැඳවන ලෙසට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව මේ මස 12 වනදා විභාගයට ගැනීමටයි අධිකරණය මීට පෙර නියම කර තිබුණේ.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුන් දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් තමා ඉකුත්දා තීන්දුවක් ලබා දුන් බවයි.

තම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවත් එම ඇපෑල විභාග කර අවසන් වනතුරු මෙම නඩු විභාගය ආරම්භ නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාදීකරණට දැනුම් දී ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා නියම කර තිබූ දින අවලංගු කරන අතර නඩුව ලබන 23 වනදා යළි කැඳවන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා වූ ටියුට් කාලෝ විටැලි, එම නෞකාවේ දේශීය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00