එක්ස්ප්‍රස් පර්ල් අනතුර ගැන ආංශික අධීක්ෂණ කාරක සභාව තවදුරටත් කරුණු විමසයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තවදුරටත් කරුණු විමසා තිබෙනවා.

ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සහ ඒ් සම්බන්ධව වන්දි ලබා ගැනීම සඳහා වු ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය සලකා බැලීම සඳහායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාවට අදාළ අංශ කැඳවා තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නොෟකා විනාශය සහ ඒ් සම්බන්ධව වන්දි ලබා ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් මෙහිදී විමසා තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව සිංගප්පුරුවේ නැව් හිමිකරුවන්ගේ නීති නියෝජිතයින් සහ රක්ෂණ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිත කණ්ඩාමක් නම් කරන ලද බවයි මෙහිදී නිලධාරීන් සඳහන් කළේ.

නීතිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කණ්ඩායමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දෙදෙනෙක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්, මීපා ආයතනයේ (සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරියේ) සභාපති, වෙරළ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම්වරයෙක්, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ද ඇතුළුව අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන ලද අතර ඔවුන් පසුගිය ජුලි මාසයේ 18-19 දින දෙක සිංගප්පුරුවේදී රැස් වී ඉදිරිපත් කරන වන්දි මුදල සම්පිණ්ඩනය කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

දැනට අතුරු හිමිකම් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කර තිබුණද එයින් 04කට පමණක් මුදල් ලැබී ඇති නිසා ඉතිරි අතුරු ඉල්ලීම් සඳහා මුදල් ලබාගන්නා ආකාරය සාකච්ඡා කරන ලද බවත් ඉදිරිපත් කරන ලද අතුරු හිමිකම් ඉල්ලීම් අංක 5,6,7,8 සඳහා ඉතාම කෙටි කාලයකින් වියදම් ගෙවීමට ද ඊට අමතරව 13 දක්වා වන අතුරු ඉල්ලීම් සඳහා වන ගෙවීම් ලබාදීමට ද මෙම සාකච්ඡාවලදී එකඟතාවයකට එළඹී ඇත්තේ.

සිංගප්පුරු අධිකරණයේ පනවා ඇති නඩු සදහා බාධාවක් නොවන පරිදි මෙම සාකච්ඡා පවත්වා අවසානයේදී ඒ්කාබද්ධ නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

සිංගප්පුරුවේ නඩුව පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන බැවින් මෙදින කාරක සභාව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහභාගී වන ලෙස දැනුම් දී තිබුණද, දැනට මෙම නඩු කටයුත්ත විභාග වෙමින් පැවතීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට සහභාගී වී ඒ සඳහා අදහස් දැක්වීමට නොහැකි බව දන්වා තිබු බැවින් නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු කාරක සභාව හමුවේ ප්‍රකාශ වූයේ නැහැ.

මීපා ආයතනය විසින් පත්කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නොෟකා විනාශය සම්බන්ධව වන්දි තක්සේරු කිරීමේ පරිසර ඇගයීම් කමිටු සාමාජිකයින්ට මේ වර්ෂය සඳහා පත්වීම් ලිපි ලබා නොදීම සහ ඔවුන් සිදු කරන ලද පරිසර ඇගයීම් කටයුතු වෙනුවෙන් වසර 2ක් ගත වුවද, මෙතෙක් නිසි පරිදි ගෙවීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී මීපා ආයතනය පවසා සිටියේ මීට පෙර මේ ආකාරයේ පරිසර ඇගයීමක් සිදු කර නොතිබූ බැවින් එවැනි පුර්වාදර්ශයකින් තොරව ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යම් කාලයක් ගත වූ බවත් දැනට අදාළ ගෙවීම් සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බැවින් ඉදිරියේදී කොටස් වශයෙන් ගෙවීම් කටයුතු කළ හැකි බවයි.

එසේම ආංශික අධීක්ෂණ කාරක සභා විසින් පාර්ලිමේන්තුව වෙත ජුලි මස 21 වනදා ඉදිරිපත් කරන ලද “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් අනතුර සහ වන්දි ලබා ගැනීම” සම්බන්ධයෙන් වන කාරක සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙදින කාරක සභාව සිය අවධානය යොමු කරනු ලැබුවා.

එම නිර්දේශ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඔක්තෝබර් මස පළමුවන සතියේ කැඳවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසටයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්ට සහ මීපා ආයතනයේ සභාපතිට උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00