එක්වරම අප සිටි ගල බෑවුමට පෙරළුණා පුතා ඒ ගලට යට වුණා

“මම පුතා එක්ක ගලක් උඩට නැගලා රිළවෙකුගේ හැසිරීම නරඹමින් සිටියා. එක්වරම අප සිටි ගල බෑවුමට පෙරළුණා. පුතයි මායි දෙපැත්තට විසි වුණා. පුතා පෙරළුණු ගලට යටවී සදහටම අප හැර ගියා” යැයි හල්දුම්මුල්ල හරන්කහව ප්‍රදේශයේදී ගලකට යටවී මියගිය සිව්හැවිරිදි දරුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී පියා වන ජයසේකර මුදියන්සේලාගේ ලලිත් අතුල කුමාර ජයසේකර (34) පැවසීය.

බෝපිටිය වැලි ආරාව ලූනුවත්ත පදිංචිව සිටි ජයසේකර මුදියන්සේලාගේ ප්‍රවීන් පැහැසර ජයසේකර නමැති සිව්හැවිරිදි පෙර පාසල් දරුවෙකු මෙසේ ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක කේ.ආර්. රත්නවීර විසින් දියතලාව මූලික රෝහලේ දී පැවැත්වූ අතර, සාක්ෂි මෙහෙයවීම හල්දුම්මුල්ල පොලිසියේ පොලිස් සැරයන් ඩී. එම්. ඒ. කේ. දිසානායක (10288) විසින් සිදුකරන ලදී.

මෙහි දී තවදුරටත් සාක්ෂි දුන් දරුවාගේ පියා වන ජයසේකර මුදියන්සේලාගේ ලලිත් අතුල කුමාර ජයසේකර මෙසේ ද කීවේය.

අපි බෝපිටිය ලූනුවත්තේ පදිංචිව සිටිනවා. අපි ගොවිතැන් කරන්නේ. සිද්ධිය වූ දින මා දරුවා , බිරිඳ සහ මව සමග හරංකහව මිතුරකුගේ නිවෙසට ආවා. අපි ඒ ගෙදරින් තේ බීලා දවල් කෑමට කලිින් නාන්න ගියා. පුතයි මායි නාලා ඉවර වෙලා බිරිඳ නානකම් පාර දිගේ ටික දුරක් ආවා. පුතා උඩ ගසක සිටි රිළවෙකු පෙන්නුවා. පුතාට රිළවා ගේ හැසිරීම හොඳින් පෙන්වීමට ළඟ තිබුණු ගලක් උඩට නැංගා. ටික වේලාවකින් ඒ ගල එක පාරටම පහළට පෙරළී ගියා. පුතයි මායි දෙපැත්තට විසි වුණා. ගල බුරුල් වී තිබූ බවක් අපට දැනුණේ නෑ.

ගල පෙරළුණු පැත්තටම පුතා වැටුණා. පුතා ගලට යටවුණා. මම හයියෙන් කෑ ගසමින් පුතාව ගන්න ගල පෙරළන්න උත්සාහ කළා.

තනියම ගල පෙරළා ගන්න බැරි වුණා. මා කෑගහන ශබ්දයට බිරිඳයි තවත් අහල පහළ අයයි ආවා. මම ලොකු ලීයක් අරගෙන ගල ලිවර් කරලා ගල පෙරළා දරුවා ගත්තා.

අපේ ත්‍රීරෝද රථයෙන් දරුවා ඉක්මනින් රෝහලට ගෙනාවා. ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කළා. අපට සිටි එකම පුතා සදහටම අප හැර ගියා.

මියගිය දරුවාගේ මව වන වීර බදු මුදියන්සේලාගේ නිලන්ති ලක්මාල් (27) මෙසේ කීවාය.

අප හරංකහව මිතුරෙකුගේ නිවසට ආවා. අපි නාන්න ගියා. දරුවයි සැමියයි මුලින්ම නා ගත්තා. මම නාන අතරේ සැමියා මහ හඬින් කෑගහන ශබ්දයක් ඇසුණා. මම බය වෙලා ඒ පැත්තට දුවගෙන ආවා. පුතා මහා විශාල ගලකට යට වී සිටියා. ගල පෙරළා ගන්න විනාඩි කීපයක් ගත වුණා. පුතා කෑ ගැහුවෙවත් නෑ දරුවා ඉක්මනට රෝහලට රැගෙන ආවා. එහිදී මිය ගොස් ඇති බව දැනගත්තා. අපට හිටිය එකම පුතා අප හැර ගියා. මරණය ගැන අපට සැකයක් නෑ.

දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.කේ.එන්. සුරංග පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

ඉදිරිපත් වූ සාක්ෂි හා අධිකරණ වෛද්‍යවරයා ලබාදුන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක කේ.ආර්. රත්නවීර මෙම මරණය ගලකට යටවීම නිසා අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43