එක්නැළිගොඩ නඩුවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා පෙර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

අද (17) මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසිනුයි.