මාරක රිය අනතුරු කිහිපයක් – එකම පවුලේ පියා සහ පුතුත් මරුට !

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් එකම පවුලේ පියා, පුත්‍රයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඇඹිලිපිටිය, කුරුණෑගල, කොබෙයිගනේ සහ මහඔය යන ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

ඇඹිලිපිටිය – මිද්දෙණිය මාර්ගයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඉදිරිපිටදී කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්‍රයා මියගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි සහ 40 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයින් දෙදෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ඒ දෙසටම ධාවනය වූ ලොරි රථයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 66 හැවිරිදි යතුරුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර කොබෙයිගනේ, වීතිකුලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථයේ රියදුරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු 25 හැවිරිදි කොබෙයිගනේ, පන්නව ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.

මේ අතර මහඔය – අම්පාර මාර්ගයේ 69 හන්දිය දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ මෝටර් රථයක, ඊට පටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහඔය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු 24 හැවිරිදි අරන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන බව පොලීසිය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09