ඌරෙකුගේ හදවතක් ලොව පළමු වරට මිනිසෙකුට බද්ධ කෙරේ…

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබෙනවා.

පැය 07ක් පුරා සිදුකරන ලද පර්යේෂණාත්මක ශල්‍යකර්මයෙන් පසු හදවත බද්ද කිරීමට ලක්වූ 57 හැවිරිදි ඩේව්ඩ් බෙනට් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම ශල්‍යකර්මය බැල්ටිමෝර් හිදී සිදුකර ඇති අතර එය සිදුකර මේ වන විට පැය 72ක කාලයක් ගතවී අවසන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

57 හැවිරිදි ඩේවිඩ් බෙනට් ගේ ජීවිතය බේරා ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීමට වෛද්‍යවරුන් තීරණය කරනු ලැබූ අතර මෙම ශල්‍යකර්මය මගින් දිගුකාලීනව පැවැත්මක් තිබීමේ අවස්ථාවන් කුමනාකාරයෙන් පවතීද යන්න මේ දක්වා නිශ්චිතව පැහැදිලි නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා අමෙරිකාවේ වෛද්‍ය පාලනාධිකාරිය විසින් විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පැවසුවේ මෙම සැත්කම මගින් ලෝකය හමුවේ මිනිස් ඉන්ද්‍රිය හිඟය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට එක් පියවරක් සමීප කරනු ඇති බවයි.

මිනිස් අවයව බද්ධ කිරීමට අමෙරිකාවේ දෛනිකව පුද්ගලයින් 17 දෙනෙකු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් මිය යන අතර 100,000 කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී නිව් යෝර්ක් හි ශල්‍ය වෛද්‍යවරු ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව පුද්ගලයෙකුට බද්ධ කළ බව මිට පෙර ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05