Empty Ad
AFC Banner
Empty Ad

ඌරෙකුගේ හදවතක් ලොව පළමු වරට මිනිසෙකුට බද්ධ කෙරේ…

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබෙනවා.

පැය 07ක් පුරා සිදුකරන ලද පර්යේෂණාත්මක ශල්‍යකර්මයෙන් පසු හදවත බද්ද කිරීමට ලක්වූ 57 හැවිරිදි ඩේව්ඩ් බෙනට් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම ශල්‍යකර්මය බැල්ටිමෝර් හිදී සිදුකර ඇති අතර එය සිදුකර මේ වන විට පැය 72ක කාලයක් ගතවී අවසන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

57 හැවිරිදි ඩේවිඩ් බෙනට් ගේ ජීවිතය බේරා ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීමට වෛද්‍යවරුන් තීරණය කරනු ලැබූ අතර මෙම ශල්‍යකර්මය මගින් දිගුකාලීනව පැවැත්මක් තිබීමේ අවස්ථාවන් කුමනාකාරයෙන් පවතීද යන්න මේ දක්වා නිශ්චිතව පැහැදිලි නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා අමෙරිකාවේ වෛද්‍ය පාලනාධිකාරිය විසින් විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පැවසුවේ මෙම සැත්කම මගින් ලෝකය හමුවේ මිනිස් ඉන්ද්‍රිය හිඟය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට එක් පියවරක් සමීප කරනු ඇති බවයි.

මිනිස් අවයව බද්ධ කිරීමට අමෙරිකාවේ දෛනිකව පුද්ගලයින් 17 දෙනෙකු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් මිය යන අතර 100,000 කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී නිව් යෝර්ක් හි ශල්‍ය වෛද්‍යවරු ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව පුද්ගලයෙකුට බද්ධ කළ බව මිට පෙර ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?