උසාවි නියෝගය නිකුත් කරද්දි දේශබන්දු ඉඳලා තියෙන්නේ බැඩ්මින්ටන් ගසමින් – දිලීප පීරිස්

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා බවත්, හිටපු අමාත්‍යා ටිරාන් අලස් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අධිකරණයට දැනුම්දුන්නා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දුම්බර බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළා.

පස්වරු ⁣2.00ට පමණ නඩුව කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා දිර්ඝව කරුණු දක්වමින් හිටපු පොලිස්පතිවරයාට ඇප දීම සම්බන්ධයෙන් දැඩිව විරුද්ධත්වය දැක්වූවා.

මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිජනරාල් ජනාධිපති නිතිඥ දිලිප පිරිස් මහතා මෙසේ පැවසුවා.

ස්වාමිනි මං පසුගිය නඩුවාරයේ දි කිව්වා මොහු හරක්කටා මාකදුරේ මදුෂ්ටත් වඩා සංවිධානත්මක අපරාධකාරයෙක් කියලා, ඒ වගේම මං කිව්වා මොහු ගොස්ට් කෙනෙක් කියලා, මං ඒවා කිව්වේ නිකං නෙවෙයි ස්වාමිනි. මං එවා ඔප්පු කරලා පෙන්වන්නම් අද. අපි පසුගිය දා පැය හයක ප්‍රකාශ ලබා ගත්තා. පෙබරවාරි 27 මෙම අධිකරණයෙන් නියෝගය නිකුත් කරන විට මොහු සිටියේ බැට්මින්ටන් ගසමින්. නියෝගය දැනගත්ත ගමන්ම ගෙදරට ගිහින් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් ඇඳගෙන මාස්ක් එකක් දාගෙන පාරට ඇවිත් ත්‍රිවිල් එකක නැගලා ගිරිඋල්ල නිවසට ඇවිල්ලා තියෙනවා. ත්‍රීවිල් එකටත් රුපියල් 15000ක් ගෙවලා තියෙනවා. නමුත් අපි සොයා බැලුවා ඒ අවට සීසීටීවී කැමරා චෙක් කරලා. එතනදි අපිට දැනගන්න පුළුවන් වුණා වුණා මොහු ගිහින් තියෙන්නේ තියෙන්නෙ බාර් පහළොවක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ජීප් රථයක නැගිලා බව. මොහු ඒ නිවසට යන විට ආප්ප, පාන්, බනිස්, ජෑම් බටර් වැනි දෑ රැගෙන ගිය බව ප්‍රකාශ කළා. මොහු යන විට ගේට්ටුවේ ඉබ්බ දමා තිබූ නිසා ගේට්ටුවෙන් පැනලා නිවසට ඇතුල් වුන බව ප්‍රකාශ කරනවා. නමුත් ස්වාමීනි ඔබතුමා දකින්න ඇති පසුගිය නඩු වාරය ඔහු අධිකරණයට භාර වන විට කලිසම් කෝට් ඇඳගෙන පැමිණියා. එසේ නම් මොහු ඒ තාප්පයෙන් පැනලා තියෙන්නේ ආප්ප, පාන්, බනිස්, ජෑම්, බටර් විතරක් නෙමෙයි කලිසම් කෝට් එහෙමත් අරගෙන. මොහු නිතරම එහෙට මෙහෙට ගියේ ඒ තාප්පෙන් පැන පැන ලු. ඒක විශාල නිවසක් ස්වාමිනි. විශාල තාප්පයක් තියෙනවා. මොහුව එම ස්ථානයට ගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරමින් තාප්පයෙන් පැනලා පෙන්නන්න කිව්වොත් මොහුට පනින්න බෑ. මේ නඩුව මෙතනම ඔහු පරදිනවා. ඒ වගේම ඒ නිවසේ වැසිකිළියක්වත් නැහැ. වතුරත් නැහැ. මොහු කියනවා මොහු ඒ දවස්වල බිව්වේ වැහි වතුර කියලා. නමුත් අපේ නිලධාරින් ඒ නිවස පරීක්‍ෂා කරන විට එහි තිබුණේ නූඩ්ල්ස් ඉටිපන්දන්, ගිනිකූරු පමණයි. ඒ නුඩ්ල්ස් පැකට්වල මොහුගේ ඇඟිලි සලකුණු තිබ්බේ නෑ. නිවසේ බිම පාසලකුණු තිබ්බෙත් නෑ. එසේ නොවීමට හේතුව කුමක්දැයි විමසූ විට කිව්වේ ඇඟිලි සලකුණු පාසලකුණු වදින්නේ නැති විදිහට මොහු සූක්ෂ්ම වැඩ කරයි කියලා. ඒ නිසයි ස්වාමීනි මා මොහුට ගෝස්ට් කෙනෙක් කියලා කියන්නේ. අපි දැනට පරීක්ෂා කරලා තියෙන්නේ මොහු සැඟවිලා හිටපු දින විසින් දින දෙකක් ගැන පමණයි. ඉතුරු දින 18 ගැන අපි පරීක්ෂා කරන්නට ඕනේ. ඒ නිසා ස්වාමිනි මා කියනවා මේ ඇපදීමට සුදුසු කාලය නොවන බව.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ශානක රණසිංහ මහතා සඳහන් ක⁣ළේ ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සඳහන් කළේ කරුණු අධ්‍යයනය කර ලබන අප්‍රේල් 10 වැනිදා ඇප දෙනවා ද නැද්ද යන්න නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

  1. පොලිස්පති කෙනෙක් මෙහෙම අධිකරනයට අපහාස් වෙනාන්දමින් හසිරෙනවා නම්.සිවිල්පුරවසියෙක් ගන මොන කාතාද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04