උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සුබ ආරංචියක්

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

උසස් අධ්‍යාපනය සඳහා බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව, ප්‍රමාණාත්මක ව ඉහළ නැංවීමේ අරමුණෙන් උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධියක් මෙරට දී හැදෑරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රකාරව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන් සංඛ්‍යාව 684ක්.

එම සිසුන් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 04 හෝ 05ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

එම කාලයට පසුව එළඹෙන ඉදිරි වර්ෂ 07ක හෝ 08ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොළී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි මෙම ණය පහසුකම් සපයනු ලබනවා.

එමෙන් ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ අටක මුදල තමන් විසින් ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා මෙම ණය යෝජනා ක්‍රමයට ම ඇතුළත් ව අධ්‍යයන කටයුතු සිදු කිරීමේ කැමැත්ත පළ කර ඇති සිසුන්ට එම අවස්ථාව ලබාදීමටත් රජය තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන හතලිස් දහස හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමින් සහ ඒ වෙනුවෙන් දෙමාපියන්ට වැය වන අධික පිරිවැය අවම කරමින් රජය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පහසුකම් සැපයෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39