spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපාධිධාරී රජයේ සේවකයන්ට අවස්ථාවක්

අයදුම්පත් කැඳවා ඇති උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා සම්පූර්ණ කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම තරඟ විභාගයෙන් පසුව ගුරුවරුන් බඳවා ගෙන තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වෙන අතර ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනය රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබෙනවා.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ලබන 10 වනදායි.

මේ සඳහා අයදුම් කිරීම applications.doenets.lk/exams යන වෙබ් අඩවිය වෙත පිවිස සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

Education
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?