උපාධිධාරී ගුරු විභාගයට අයදුම් පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මීට අදාළ ගැසට් නිවේදනය පසු ගිය ජනවාරි 27 නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමේ අවසන් දිනය අද (10) ලෙසටයි මීට පෙර සඳහන්ව තිබුණේ.

අයදුම්පත් කැඳවා ඇති උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා සම්පූර්ණ කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම තරඟ විභාගයෙන් පසුව ගුරුවරුන් බඳවා ගෙන තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වෙන අතර ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනය රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ සඳහා අයදුම් කිරීම applications.doenets.lk/exams යන වෙබ් අඩවිය වෙත පිවිස සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34