උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල නිලධාරී නොසැලකිල්ලෙන් දෝෂ ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග (වීඩියෝ)

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මුල් පිටපත් තුළ දෝෂ වලක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් එම සහතිකවල දෝෂ සිදු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ.

පැරණි රෙගුලාසි වෙනස් කර නව තාක්ෂණය සමඟ මෙම දෙපාර්තමේන්තුව තුළ ඉදිරියේ දී කාර්යක්ෂම මහජන සේවාවක් ඇති කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සිය කතාව අවසන් කළේ අතීතයේ රජ කෙනෙකු තමාගේ දත් අකාලේ වැටීම පිළිබඳව දුටු සිහිනය ඇතුලත් කථාව ද සිහිපත් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17