spot_imgspot_img
spot_img

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල නිලධාරී නොසැලකිල්ලෙන් දෝෂ ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග (වීඩියෝ)

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මුල් පිටපත් තුළ දෝෂ වලක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් එම සහතිකවල දෝෂ සිදු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ.

පැරණි රෙගුලාසි වෙනස් කර නව තාක්ෂණය සමඟ මෙම දෙපාර්තමේන්තුව තුළ ඉදිරියේ දී කාර්යක්ෂම මහජන සේවාවක් ඇති කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සිය කතාව අවසන් කළේ අතීතයේ රජ කෙනෙකු තමාගේ දත් අකාලේ වැටීම පිළිබඳව දුටු සිහිනය ඇතුලත් කථාව ද සිහිපත් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?