උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන CIDය 31 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ගනී

උපරිමාධිකරණ සංකීර්ණයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ගින්න හටගත් ස්ථානය අද දිනයේ විදුලි ඉංජිනේරුවරයෙකුගේ සහ රජයේ රස පරික්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.