spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමය වෙනුවෙන් සහල් තොග ආනයනයට අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින කිහිපයේ දී සහල් තොග ආනයනය කිරීමට පියවර ගන්නා බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට මෙහිදී විශේෂයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙලෙස සහල් ආනයන කිරීම තුළින් මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් ආනයනය කරනු ලබන සහල් ප්‍රමාණය ඉහළ දැමීමට ද සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මහා පරිමාණ මෝල් හිමියන් විසින් දිගු කාලයක සිට සිදුකරනු ලබන මිල ඉහළ දැමීම් හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ස්ථීර විසඳුමක් සැපයීමට ද අමාත්‍යමණ්ඩලය තුල සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර ශත 25ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275.00ක පාලන මිලට අළෙවි කිරීමට ද ඊයේ රැස් වූ අමාත්‍යමණ්ඩලය තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?