උත්සව සමය වෙනුවෙන් සහල් තොග ආනයනයට අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින කිහිපයේ දී සහල් තොග ආනයනය කිරීමට පියවර ගන්නා බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට මෙහිදී විශේෂයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙලෙස සහල් ආනයන කිරීම තුළින් මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් ආනයනය කරනු ලබන සහල් ප්‍රමාණය ඉහළ දැමීමට ද සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මහා පරිමාණ මෝල් හිමියන් විසින් දිගු කාලයක සිට සිදුකරනු ලබන මිල ඉහළ දැමීම් හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ස්ථීර විසඳුමක් සැපයීමට ද අමාත්‍යමණ්ඩලය තුල සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර ශත 25ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275.00ක පාලන මිලට අළෙවි කිරීමට ද ඊයේ රැස් වූ අමාත්‍යමණ්ඩලය තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03