උත්තර ලංකා සභාගයට පිරිසක් ප්‍රශ්ණයක් ඇතිකරයි

උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි තවත් වැඩසටහනක් අද (27) පැවැත්වීමට සූදානම් කර තිබියදී එයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහි වේදිකාවට දැඩි අලාභ හානි කර ඇති බවයි උත්තර ලංකා සභාගයේ මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම වැඩසටහන අද පෙරවරු 9ට පැවැත්වීමට සූදානම් කර තිබුණේ හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේදියි.

මේ සඳහා උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තියට” එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරුන් වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරුන් ද අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?